සයුරෙන් එතෙර

ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට ජර්මනිය සහ ඉන්දියාව සූදානම්

May 22, 2025   06:44 pm

ඉන්දියාව සහ ජර්මනිය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

එමෙන්ම X සටහනක් තබමින් මෝදි පවසා ඇත්තේ කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳ ජර්මනිය සමග අදහස් හුවමාරු කරගැනීමට සූදානම් බවය. 

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඉන්දියාව සහ ජර්මනිය එකාවන්ව නැගී සිටින බවද එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වාදී තිබේ.

ජර්මනියේ චාන්සලර් ධූරයේ වැඩ භාරගැනීම සම්බන්ධයෙන් ෆ්‍රෙඩ්රික් මර්ස් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබ පැතුම් එක්කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ අමෙරිකාවෙන් එල්ල වන තීරු බදු බලපෑම් හමුවේ ජර්මනියේ නව නායකත්වය ඉන්දියාව සමග වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගනු ඇති බවය.