සයුරෙන් එතෙර
ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට
July 9, 2025 02:48 pm
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක් ඇතුළු වාහන 4ක් ගඟට වැටී ඇත.
එහිදී පුද්ගලයින් පස්දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
එරට පොලීසිය සඳහන් කළේ ගලවා ගැනීමේ සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවය.
1985 දී විවෘත කරන ලද මෙම පාලම මීටර් 900කට ආසන්න දිගකින් යුක්ත වන අතර එය කුළුණු 23කින් සමන්විත වේ.
එමෙන්ම මෙම පාලම ගුජරාටයේ වඩෝදර සහ ආනන්ද් දිස්ත්‍රික්ක සම්බන්ධ කරනු ලැබේ.
පාලම කඩාවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තාක්ෂණික විශේෂඥයින් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
2022 ඔක්තෝබර් මාසයේදී ද ගුජරාටයේ මෝර්බිහි එල්ලෙන පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 140ක් පමණ මිය ගියේය.
මේ අතර පාලම කඩාවැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි සිය කණගාටුව පළ කර තිබේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විපතට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.