අමෙරිකාව සහ පිලිපීනයෙන් ඒකාබද්ධ යුද අභ්‍යාසයක්
සයුරෙන් එතෙර

අමෙරිකාව සහ පිලිපීනයෙන් ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

July 10, 2025   01:44 pm

අමෙරිකා - පිලිපීන ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය සඳහා  F-35 ප්‍රහාරක යානයක් යෙදවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ අනුව අමෙරිකාව ප්‍රථම වරට පිලිපීනයට සිය තීරණාත්මක රහසිගත ප්‍රහාරක යානයක් වන F-35 යොදවා ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

ජුලි 7 සිට 18 දක්වා මෙම ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය පැවැත්වෙයි.

පිලිපීන ගුවන් හමුදා සාමාජිකයින් 2,301ක් සහ එක්සත් ජනපද ගුවන් හමුදාවේ 225 ක් ඇතුළු 2,500 කට අධික පිරිසක් මෙම යුද අභ්‍යාසය සඳහා එක්වෙයි.

මෙම යුද අභ්‍යාසය දෙරටේ ගුවන් හමුදා අතර අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම අපේක්ෂා කරයි.

අනාගතයේදී එල්ලවිය හැකි ආක්‍රමණ වැළැක්වීම ද මෙම ගුවන් අභ්‍යාසවල අරමුණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.