සයුරෙන් එතෙර

‍පාකිස්තානයේ මගී බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

July 17, 2025   04:31 pm

පාකිස්තානයේ බලොචිස්තාන් ප්‍රාන්තයේ කලාත් හි මගී බස් රථයකට වෙඩි ප්‍රහාර මාලාවක් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් බස් රථයේ සිටි මගීන් තිදෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව‍ය.

කරච්චි සිට ක්වෙටා දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකට එලෙස වෙඩි තබා ඇතැයි සඳහන් ය.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කඩිනමින් රෝහලගත කෙරුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද වාර්තා වෙයි.

ප්‍රහාරකයින් සොයා පාකිස්තාන හමුදාව මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශවයක් විසින් භාර ගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.