සයුරෙන් එතෙර

ඉන්දු කැනඩා සබඳතා අලුත් කරයි

November 19, 2025   03:16 pm

ඉන්දියාව සහ කැනඩාව ඒකාබද්ධව තීරණාත්මක ඛනිජ ලවණ, පිරිසිදු බලශක්තිය සහ අභ්‍යවකාශ අංශයේ අවස්ථා ගවේෂණය කිරීමේ දිගුකාලීන හවුල්කාරිත්වයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එය කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ ධුර කාලය තුළ අඩාල වූ ද්විපාර්ශ්වික සබඳතාවල නැවත පිබිදීමක් බවය.

නවදිල්ලියේ පැවති වෙළෙඳ හා ආයෝජන පිළිබඳ 7 වන අමාත්‍ය සංවාදයෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.