පුටින්ගේ සංචාරයට පෙර රුසියාවෙන් ඉන්දියාවට යෝජනාවක්
සයුරෙන් එතෙර

පුටින්ගේ සංචාරයට පෙර රුසියාවෙන් ඉන්දියාවට යෝජනාවක්

November 20, 2025   01:22 pm

රුසියානු ජනාධිපති පුටින්ගේ ඉන්දීය සංචාරයට පෙර රුසියාව Su-57 ප්‍රහාරක යානයේ සම්පූර්ණ බලපත්‍රලාභී නිෂ්පාදනය සඳහා ඉන්දියාවට සිය යෝජනාව නැවත ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඩුබායි ගුවන් ප්‍රදර්ශනයට සමගාමීව අදහස් දක්වමින් රුසියාවේ රාජ්‍ය අවි අපනයනකරු යෝජනාව සෘජුවම ඉදිරිපත් කර තිබේ.

ඉන්දියාව තම ඊළඟ පරම්පරාවේ ප්‍රහාරක යානා බලඇණිය සඳහා විකල්ප සොයා බැලීම සහ තාක්‍ෂණය බෙදාගැනීමේ සීමාවන් සම්බන්ධයෙන් බටහිර හවුල්කරුවන් සමග මතභේද ඇති කරගැනීමත් සමඟ රුසියාවේ මෙම යෝජනාව ඉදිරිපත්වී තිබේ.

රුසියාවේ නිෂ්පාදනය කරන ලද Su-57 රහසිගත  ප්‍රහාරක යානා සැපයීම සහ තාක්‍ෂණ හුවමාරුව ඇතුළුව ඉන්දියාවේ ගුවන් යානා නිෂ්පාදනය සංවිධානය කිරීම මින් අපේක්ෂා කෙරේ.

එම පැකේජය හරහා එන්ජින් පිළිබඳ තාක්ෂණික ඉගෙනීම සහ අනෙකුත් තීරණාත්මක පද්ධති දක්වා විහිදෙන බවද පැවසෙයි.