සයුරෙන් එතෙර
ඔස්ට්‍රේලියානු විදේශ ඇමති ඉන්දියාවට
November 20, 2025 03:18 pm
ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය සෙනෙට් සභික පෙනී වොන්ග් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 16වන විදේශ අමාත්‍ය සංවාදයේ සම සභාපතිත්වය දැරීම සඳහා ඇය මෙලෙස ඉන්දියාවට පැමිණ ඇති බවය.
මෙම සංචාරයට සමගාමීව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් සඳහා ද එක්වනු ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරියගේ මෙම සංචාරය ඉන්දියාව-ඔස්ට්‍රේලියා අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමට වැදගත් අවස්ථාවක් බවය.
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පවතින හවුල්කාරීත්වය තීරණාත්මක වන අතර තියුණු හා තරඟකාරී ලෝකයට මෙන්ම කලාපයට ද වැදගත් බව පෙනී වොන්ග් පවසා තිබේ.
