නයිජීරියාවේ ආරක්ෂක ඇමති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
සයුරෙන් එතෙර

නයිජීරියාවේ ආරක්ෂක ඇමති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

December 3, 2025   01:09 pm

නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බදාරු අබුබකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී වී තිබේ.

අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් වාර්තා වැඩිදුර සඳහන් කළේ, 2023 දී බොලා ටිනුබුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා මොහොමඩ් බදාරු අබුබකර් වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බවයි.

63 හැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉවත් වීම එරට ආරක්ෂාව අභියෝගයට ලක්වනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පලකර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් ය.