සයුරෙන් එතෙර
පාකිස්තානයේ රැකියා ප්රශ්නය උග්‍ර වෙයි
December 6, 2025 02:04 pm
පාකිස්තානයේ විරැකියා අනුපාතය දශක දෙකකින් ඉහළම මට්ටමට ළඟාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පසුගිය සතියේ නිකුත් කරන ලද පාකිස්තානයේ ශ්‍රම බළකා සමීක්ෂණය 2024-25 ජාතික රැකියා විරහිත අනුපාතය 7.1%ක් වූ බව පෙන්වා දී තිබේ.
ඒ අනුව එමඟින් ප්‍රධාන අපනයන අංශ තුළ තවදුරටත් රැකියා අහිමිවීමේ අවදානම පෙන්නුම් කරන බව පැවසෙයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ පාකිස්තානය තුළ රැකියා අහිමිවීමේ අවදානමක් මෙලෙස මතුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරැකියා පිරිස අතරට උපාධිධාරීන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ද ඇතුළත් බව සඳහන් ය.
