ඉන්දු - රුසියා සබඳතා ගැන පුටින් කතා කරයි
සයුරෙන් එතෙර

ඉන්දු - රුසියා සබඳතා ගැන පුටින් කතා කරයි

December 6, 2025   02:13 pm

ඉන්දියාව සහ රුසියාව අතර වර්ධනය වන සහයෝගීතාවය එක්සත් ජනපදය ඇතුළු කිසිදු තුන්වන රටක් ඉලක්ක කර නොගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය ඉන්දීය සංචාරය අතරතුර සහභාගී වූ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය සහ ඒවාට වොෂින්ටනයේ ප්‍රතිචාර පිළිබඳ ජනමාධ්‍යවේදීන් පුටින්ගෙන් සිදුකළ විමසීමකදී මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.

රුසියාවේ ආර්ථිකය විවෘත බවත් පුටින් මෙහිදී සඳහන් කර තිබේ.