පාකිස්තානයේ පෝලියෝ ගැන රතු එළියක් 
සයුරෙන් එතෙර

පාකිස්තානයේ පෝලියෝ ගැන රතු එළියක් 

January 3, 2026   06:57 am

පාකිස්තානයේ පෝලියෝ මර්දන වැඩසටහනට සැලකියයුතු ලෙස බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

එරට 2025 වර්ෂය තුළ පෝලියෝ දත්ත වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර තිබේ. 

ඒ අනුව මාධ්‍ය වාර්තා පැවසුවේ 2025 වසරේ අවසානයේදී එරට සින්ද් පළාතේ ළමුන් 12,000 කට වැඩි පිරිසකට එන්නත ලබාදී නොමැති බවය.

එය පෝලියෝ මර්ධන වැඩසටහනට රට තුළ පවතින නොසැලකිල්ල සහ මහජන ප්‍රතිරෝධය පෙන්නුම් කිරීමක් බවද පැවසෙයි.

නිල මූලාශ්‍රවලට අනුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උදාසීනත්වය හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බවද සඳහන් වෙයි.

2025 අවසන් ජාතික පෝලියෝ විරෝධී ව්‍යාපාරය අවසානයේ පවා, වයස අවුරුදු 5ට අඩු ළමුන් 12,092 දෙනෙකු එන්නත් ලබා නොගෙන සිටි බව අනාවරණ වී ඇත.

ජාතික දත්ත පෙන්වාදී ඇත්තේ 2025දී පාකිස්තානයේ දිස්ත්‍රික්ක 15ක ළමුන් 30 දෙනෙකු පෝලියෝ නිස පීඩාවට පත්වී සිටි බවය.