සයුරෙන් එතෙර
ඉරානයේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්
January 7, 2026 05:16 pm
ඉරානය තුළ ඉන්දියානුවන්ට කිසිඳු තර්ජනයක් නොමැති බව ඉන්දියාවේ ඉරාන තානාපති පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දියානුවන් ඉරානයට යාම සම්බන්ධයෙන් සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමෙන් දිනකට පසුවය.
ඉරානයේ පවතින මහජන විරෝධතා රැල්ල හමුවේ සිය පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ඉන්දීය රජය එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණි.
ඉන්දියාවේ ඉරාන තානාපති පවසා ඇත්තේ,ඉස්ලාමීය ජනරජයේ තත්ත්වය පාලනය කර ඇති බවත් ඉන්දීය පුරවැසියන්ට කිසිදු තර්ජනයක් නොමැති බවත්ය.
කෙසේවෙතත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරානයේ වෙසෙන තම පුරවැසියන්ට සංචාරක උපදෙස් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නොසන්සුන්තා මධ්‍යයේ අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙසටය.
