සයුරෙන් එතෙර
පේරු රාජ්‍යයේ භූ කම්පනයක්
January 8, 2026 04:02 pm
පේරු රාජ්‍යයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එය රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව වාර්තා වී ඇත.
එරට වේලාවෙන් අද අලුයම 12.1 ට පමණ මෙය හටගෙන ඇති බව සඳහන් වේ.
භූ කම්පනය කිලෝමීටර් 107 පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ පේරු රාජ්‍යය ආසන්නයේ පිහිටි ඉක්වදෝරයටද මෙම භූ කම්පනය දැනී ඇති බවය.
