සයුරෙන් එතෙර
හසීනාගෙන් යූනුස් රජයට දොස්
January 10, 2026 12:56 pm
බලයෙන් පහ කරන ලද අගමැතිනි ෂෙයික් හසීනා බංග්ලාදේශ අන්තර්කාලීන රජයට තියුණු වාග් ප්රහාරයක් එල්ල කර තිබේ.
ඇය පවසා ඇත්තේ වත්මන් පරිපාලනය යටතේ "නීතිය සහ සාමයේ භයානක බිඳවැටීමක් පෙන්නුම් කරන බවය.
එමෙන්ම බංග්ලාදේශයේ වෙසෙන සුළුතර වැසියන් ඉලක්ක කර ක්රියාත්මක ප්රචණ්ඩත්වය ලැජ්ජා සහගත ක්රියාවක් බවද හසීනා චෝදනා කරයි.
NDTV සමඟ සම්මුඛ සාකච්ඡාවකදී හසීනා පෙන්වා දී ඇත්තේ ආගමේ නාමයෙන් සිදුකරන ප්රචණ්ඩත්වයට බංග්ලාදේශයේ කිසිදු ස්ථානයක් නොමැති නමුත් එවැනි සිදුවීම් භයානක ලෙස නිතර නිතර සිදුවී ඇති බවය.
දැනට ඉන්දියාවේ සිටින හසීනා වැඩිදුරටත් පවසා ඇත්තේ බංග්ලාදේශය සියලු පුරවැසියන් සමානව ආරක්ෂා කිරීමේ මූලික යුතුකම ඉටු කිරීමට රජය අසමත් වී ඇති නිසා සුළු ජාතීන්ට වැඩි වැඩියෙන් අනාරක්ෂිත වෙමින් පවතින බවත්ය.
ආගමික ප්රචණ්ඩත්වයේ අපරාධකරුවන්ට නඩු පැවරීමෙන් වැළකී සිටින අතර වින්දිතයින්ට යුක්තිය අහිමි වන බවටද ඇය චෝදනා කළාය.
