ප්‍රකට ගිටාර් වාදන ශිල්පියෙකු වන  බොබ් වියර් දිවිගමනට සමුදෙයි
සයුරෙන් එතෙර

ප්‍රකට ගිටාර් වාදන ශිල්පියෙකු වන බොබ් වියර් දිවිගමනට සමුදෙයි

January 11, 2026   12:09 pm

ප්‍රකට ගිටාර් වාදන ශිල්පියෙකු වන බොබ් වියර් මියගොස් තිබේ.

ලෝක ප්‍රකට අමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘවරයෙකු වන බොබ් වියර් මියයන විට 79 වන වියේ පසුවිය.

පසුගිය ජූලි මාසයේ සිට ඔහු පිලිකා රෝගී තත්ත්වයකින් පීඩා විද සිටිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

1965 වසරේ ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ සංගීත කණ්ඩායම ආරම්භ කිරීමට මූලිකත්වය ගත් ඔහු වසර 60කට අධික කාලයක් ගිටාර් වාදකයෙකු සහ ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

කෙසේවෙතත් 1995 වසරේ ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ ජෙරී ගාසියා මියයනවාත් සමඟ එම සංගීත කණ්ඩායමේ කටයුතු නිල වශයෙන් නතර කර තිබේ.