සයුරෙන් එතෙර
ජයිශංකර් සහ මාර්කෝ රුබියෝ අතර සාකච්ඡාවක්
January 14, 2026 04:09 pm
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ එහිදී වෙළඳාම, තීරණාත්මක ඛනිජ, න්‍යෂ්ටික බලශක්තිය සහ ආරක්ෂාව යන ක්ෂේත්රවල සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කර ඇති බවය.
නවදිල්ලිය සහ වොෂින්ටනය අතර තවමත් විධිමත් ගිවිසුමකට එළඹ නොමැති වෙළෙඳ සාකච්ඡා මධ්‍යයේ මෙම සාකච්ඡාව සිදුකර තිබේ.
තීරුබදු බාධක අඩුකිරීම සහ වෙළඳපොළ ප්‍රවේශය පිළිබඳ ව්‍යුහාත්මක වෙනස්කම් විසඳීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වය මේ වනවිට සාකච්ඡා කරමින් සිටී.
දුරකතන සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ එය ඵලදායී සාකච්ඡාවක් බවය.
ඉන්දියාව සහ එක්සත් ජනපදය 2030 වන විට ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 500 දක්වා දෙගුණ කිරීමට ඉලක්කයක් තබා ඇති බවද පැවසෙයි.
