සයුරෙන් එතෙර

ඉන්දු - යුරෝපා නිදහස් වෙළඳ ගිවිසුම කඩිනමින් එන ලකුණු

January 15, 2026   03:45 pm

2007දී ආරම්භ වී 2021දී නැවත ආරම්භ කරන ලද ඉන්දු - යුරෝපා නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා මේ වනවිට තීරණාත්මක අවස්ථාවක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඒ අනුව එම සාකච්ඡා ශක්තිමත් කර කඩිනම් කිරීම සඳහා සහයෝගය ලබාදීමට ජර්මනිය එකඟවී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දු-යුරෝපා සංගම් රැස්වීම් සඳහා ජර්මනිය ඉතා ශක්තිමත් සහයෝගයක් ලබාදීම පිළිබඳව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ විශේෂ අවධානයක් යොමුවී ඇති බවය.

ඉන්දියා-යුරෝපා සංගම් වෙළඳ ගිවිසුම වේගවත් කිරීම සහ නැගී එන තාක්ෂණයන් සහ ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ඔහු පවසයි.

ජනවාරි 27 වන දින පැවැත්වෙන සමුළුවකදී ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළ හැකි යැයි තමන් බලාපොරොත්තු වන බවද මර්ස් පවසයි.