සයුරෙන් එතෙර
බංග්ලාදේශයේ මාධ්‍යවේදීන් ආරක්ෂාව ඉල්ලයි
January 19, 2026 03:35 pm
බංග්ලාදේශයේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන හිමිකරුවන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස එරට බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ප්‍රමුඛ ජාතික පුවත්පත් ආයතන දෙකකට මැර පිරිසක් විසින් මෑතකදී එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව ඔවුන් එලෙස ආරක්ෂාව සම්බන්ධයෙන් බිය පළ කර ඇති බවය.
මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය තුළ බංග්ලාදේශයේ මාධ්‍ය කර්මාන්තය ක්‍රමානුකූලව ඉලක්ක කරගනිමින් සිටින බවට මෙලෙස චෝදනා එල්ලවෙයි.
රටේ ප්‍රමුඛ ඉංග්‍රීසි භාෂා දිනපතා පුවත්පතක් සහ ඩකා හි පිහිටි විශාලතම බෙංගාලි භාෂා පුවත්පතක් ඉලක්ක කර එල්ලවූ ප්‍රහාර වැළැක්වීමට අන්තර්කාලීන රජය අපොහොසත් වූ බව පැවසෙයි.
