සයුරෙන් එතෙර
පාකිස්තානය තුළ ඇෆ්ගන් සරණාගතයින් අත්අඩංගුවට ගැනීම ඉහළට
January 19, 2026 04:12 pm
2026 වසරේ ජනවාරි මාසයේ ගතවූ කාලය තුළ පාකිස්තානය තුළ සිටින ඇෆ්ගන් සරණාගතයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම පෙර සතියට සාපේක්ෂව සියයට 18 කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ජනවාරි 1 සිට 10 දක්වා කාලය තුළ වැඩිම ඇෆ්ගන් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම වාර්තා වූ ප්‍රදේශ අතරින් ඉස්ලාමාබාද් වාර්තා වෙයි.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සහ එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ කාර්යාලය ඒකාබද්ධව නිකුත් කරන ලද නවතම යාවත්කාලීන කිරීම් මගින් පෙන්වාදී ඇත්තේ ජනවාරි 4 සිට 10 දක්වා කාලය තුළ වාර්තා වූ මුළු අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්වලින් සියයට 73ක් බලොචිස්තානයේ සහ සියයට 16ක් ඉස්ලාමාබාද් අගනුවර ප්‍රදේශයේ සිදුවී ඇත.
2025 වසරේ සැප්තැම්බර් 15 සිට ඉකුත් ජනවාරි 10 දක්වා කාලය තුළ ඇෆ්ගන් ජාතිකයන් 130,999 දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති බවත් සඳහන්ය.
