සයුරෙන් එතෙර
අමෙරිකා - යුරෝපා වෙළෙඳ ගිවිසුම කොටඋඩ
January 21, 2026 10:12 am
යුරෝපීය පාර්ලිමේන්තුව ජූලි මාසයේදී එකඟ වූ එක්සත් ජනපද වෙළෙඳ ගිවිසුම අනුමත කිරීම අත්හිටුවීමට සැලසුම් කරන බව ජාත්‍යන්තර වෙළෙඳ කමිටුවට පවසා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ ස්ට්රාස්බර්ග් හිදී අද (21) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ ගැටලුව මුල් කර ගනිමින් නව තීරුබදු පැනවීමට තර්ජනය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
මෙම ස්ථාවරය හේතුවෙන් මූල්‍ය වෙළඳපොළ කැලඹීමට ලක්වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ යුරෝපීය පාර්ලිමේන්තු කමිටුවේ සභාපති බර්න්ඩ් ලැන්ජ් පවසා ඇත්තේ, ග්‍රීන්ලන්තය පිළිබඳ තර්ජන හේතුවෙන් ගනුදෙනුව අත්හිටුවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවය.
