ඇෆ්ගනිස්තානයට ටොන් 7ක ඖෂධ ආධාරයක්
සයුරෙන් එතෙර

ඇෆ්ගනිස්තානයට ටොන් 7ක ඖෂධ ආධාරයක්

January 23, 2026   07:56 pm

ඇෆ්ගනිස්ථානයේ පිළිකා රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නවදිල්ලිය කාබුල් වෙත ජීවිතාරක්ෂක පිළිකා ඖෂධ ටොන් 7.5ක් යොමු කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර සෞඛ්‍ය සේවා සහයෝගීතාවයේ කොටසක් ලෙස මෙය යොමුකර ඇති බවය. 

නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ, පිළිකා රෝගීන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා එම පරිත්‍යාගය සිදු කළ බවය.

එමෙන්ම ඔහු පැවසුවේ ඇෆ්ගනිස්තානයේ මිත්‍රශීලී ජනතාවට සහාය වීමට ඉන්දියාව කැපවී සිටින බවය.

ඇෆ්ගනිස්ථානයේ මහජන සෞඛ්‍ය අමාත්‍යවරයා නවදිල්ලියේදී පැවැත්වූ සාකච්ඡාවකදී කළ ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය සිදුකර ඇත.