ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිගේ පුත්‍රයා වෙඩිතැබීමකින් මරුට
සයුරෙන් එතෙර

ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිගේ පුත්‍රයා වෙඩිතැබීමකින් මරුට

February 4, 2026   10:15 am

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩිතැබීමකින් මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ මරණය පිළිබඳව ඊයේ (03) තහවුරු කර ඇති බව ලිබියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

පුද්ගලයින් හතර දෙනෙකුගෙන් සමන්විත කොමන්ඩෝ කණ්ඩායමක් විසින් සින්ටාන් නගරයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනයක් සිදු කර ඇති බව වාර්තා වෙයි. 

කෙසේ වෙතත්, එම ප්‍රහාරයට වගකිවයුත්තන් කවුරුන්ද යන්න මේ දක්වා අනාවරණය වී නොමැත.

මේ අතර, සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ලිබියාව සහ ඇල්ජීරියාව අතර දේශසීමා ආසන්න ප්‍රදේශයකදී මියගොස් ඇති බව ඔහුගේ සොහොයුරිය ලිබියානු නාලිකාවකට ප්‍රකාශ කර ඇත.

1972 දී උපත ලැබූ සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි, 2000 වසරේ සිට ගඩාෆි පාලනය බිඳ වැටෙන තෙක් ලිබියාව බටහිර රටවල් සමඟ ඇති කර ගත් සබඳතාවයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.