ඉන්දියාව යොවුන් ලෝක කුසලාන අවසන් සටනට
February 4, 2026 10:20 pm
ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර වයස 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය.
තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය හරාරේහිදී අද (4) පැවැතිවිණි.
මෙහිදී ඇෆ්ගනිස්තානය ලබාදුන් ලකුණු 311ක අසීරු ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තරගයේ 42(41.1)වන පන්දුවාරයේදී පහසුවෙන් පසුකර යෑමට ඉන්දියාව සමත් විය.
මෙය යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාවේ ඉහළම ලකුණු හඹායෑම ලෙස වාර්තා අතරට ද එක්විය.
ඉන්දීය ඉනිම ඔසවා තැබූ ආරම්භක පිතිකරු ආරොන් ජෝර්ජ් ලකුණු 115(104) රැස්කළේය.
ඊට අමතරව ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ වෙයිබව් සූර්යවංශී පන්දු 33කින් ලකුණු 68ක් රැස්කිරීමට සමත් විය.
මෙහි ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 27කින් එංගලන්තය පරාජය කළේය.
ඒ අනුව එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් මහා තරගය අනිද්දා (6) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.
