නසාර් හුසේන්ගෙන් ICCයට කනේ පහරක්

නසාර් හුසේන්ගෙන් ICCයට කනේ පහරක්

February 5, 2026   06:36 pm

බංග්ලාදේශ කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සහ පාකිස්තානය ඉන්දියාවට එරෙහි මූලික වටයේ තරගය වර්ජනය කිරීම සම්බන්ධයෙන් ICCය කටයුතු කළ ආකාරය එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් දැඩි ලෙස විවේචනය කර තිබේ.

T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තම කණ්ඩායම ඉන්දියාවට යැවීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළේ, ආරක්ෂක ගැටළු මතු කරමින් වුවත්, එම තීරණය මත ICCය බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කළ බව නසාර් හුසේන් පවසයි.

ICCය ගනු ලැබූ මෙම තීරණයට විරෝධය පලකරමින් පාකිස්තාන රජය නිවේදනය කළේ, තම කණ්ඩායම T20 ලෝක කුසලානය ක්‍රීඩා කරන නමුත්, ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කරන බවය. 

එමනිසා පාකිස්තානයේ එම තීරණය නැවත සලකා බලන ලෙස ICCය පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් නසාර් හුසේන් ICCයෙන් ඉල්ලා ඇත්තේ, බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාවට එක හා සමානව සලකන ලෙසය.

හුසේන් පෙන්වා දෙන්නේ ICCය සමහර රටවලට, විශේෂයෙන් ඉන්දියාවට පක්ෂපාතීව කටයුතු කරන බවය.

"තරගාවලියකට මාසයකට පෙර ඉන්දියාව කිව්වොත් අපේ රජය ලෝක කුසලාන තරග වෙනත් රටක ක්‍රීඩා කරනවාට කැමති නෑ කියලා...ICCය කියයිද 'ඔයාලා නීති දන්නවානේ අපි ඔයාලව අයින් කරනවා කියලා.

ඉන්දියාව සහ පාකිස්තානය ගත්තද, ඉන්දියාව සහ බංග්ලාදේශය තරගද සියල්ල ඒකපාර්ශ්වික වී ඇත.

ඒ නිසා සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාවට එක හා සමානව සලකන්න.

ඉන්දීය රසිකයන් තවත් අඬන්න...අපට මුදල් තියෙනවා!' කියයි. නමුත් බලය වගේම ක්‍රීඩාවේ වගකීමක් තියෙනවා.

බංග්ලාදේශ හා පාකිස්තාන ක්‍රිකට්වලට මෙලෙස නිරන්තරයෙන් බලපෑම් කිරීම ඔවුන්ගේ ක්‍රිකට්වලට අයහපත් ලෙස බලපායි". 

මෙහිදී තම ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටීම ගැන පාකිස්තාන සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයවලට හුසේන් ප්‍රශංසා කර ඇත.

"ක්‍රීඩාවකදී තමන් කරන වැරදි පූර්වාදර්ශවල ප්‍රතිඵල පෙරළා තමාටම ලැබෙනු ඇත" ඔහු තවදුරටත් පැවසීය.

"පාකිස්තානයට එරෙහිව ඉන්දියාව කොතරම් අයහපත් ලෙස කටයුතු කර ඇතත්, ඔවුන්ට එරෙහිව කටයුතු කරන සෑම අවස්ථාවකදීම පාකිස්තානය ඊට යහපත් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන මම පුදුම වෙනවා. 

බංග්ලාදේශය ඔවුන්ගේ තීරණයේම සිටීම, ඔවුන්ගේ ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටීම ගැනත් මම ඇත්තෙන්ම කැමතියි. 

ඒ වගේම පාකිස්තානය බංග්ලාදේශය වෙනුවෙන් ද පෙනී සිටීම ගැන මට සතුටුයි. මේ දේශපාලනය ඇති, අපට නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යා හැකිද? කියා යමෙකු පැවසිය යුතුයි" හුසේන් තවදුරටත් පැවසීය.