සයුරෙන් එතෙර
මුහුදේ ඉදිකළ ලොව ප්රථම මෙ.වො. 20ක ටර්බයිනයේ මෙහෙයුම් අරඹයි
February 7, 2026 12:16 pm
ලොව ප්රථම මෙගාවොට් 20ක ධාරිතාවෙන් යුත් මුහුදේ ඉදිකළ විදුලි ජනන සුළං ටර්බයිනය මෙහෙයුම් චීනය අරඹා තිබේ.
එරට ෆූජියෑන් පළාතට කිලෝ මීටර 30ක් ඔබ්බෙන් වන මුහුදේ ඉදිකර ඇති එම සුළං ටර්බයිනය මේ වනවිට එරට විදුලි පද්ධතියට එක්කර ඇත.
මෙමගින් වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 80ක විදුලියක් ජනනය කිරීමට අපේක්ෂිතය.
මීටර 40ක් ගැඹුරු මුහුදේ ඉදිකර ඇති එම ටර්බයිනයේ, එක් තලයක දිග මීටර 14ක් වේ.
සමස්ත ඉදිකිරීමේ උස මීටර 174ක් බව සඳහන්.
