මෝදි මැලේසියාවට
සයුරෙන් එතෙර

මෝදි මැලේසියාවට

February 7, 2026   12:18 pm

නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැලේසියාවට පැමිණ තිබේ.

සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ තම 'මිතුරෙකු' වන මැලේසියානු අගමැතිගේ ආරාධනයෙන් මැලේසියාවට පැමිණෙන බවය.

එහිදී ගැඹුරු ආරක්ෂක සබඳතා පිළිබඳව ඉන්දියාව අවධානයෙන් සිටින බවත් ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ආර්ථික, නවෝත්පාදන සහ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැති මෝදි පවසා තිබේ.

ඉන්දියාව සහ මැලේසියාව අතර ඓතිහාසික සබඳතා මෑත වසරවලදී ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් මෝදි සඳහන් කර ඇත.

ලෝකයේ විශාලතම ඉන්දියානු ඩයස්පෝරාවලින් එකක් මැලේසියාවේදී දැක ගැනීමට තමා උනන්දු වන බවද අගමැති මෝදි මෙහිදී පවසා තිබේ.