කොදෙව්වන්ගෙන් එංගලන්තයට ලකුණු 197ක ඉලක්කයක්

කොදෙව්වන්ගෙන් එංගලන්තයට ලකුණු 197ක ඉලක්කයක්

February 11, 2026   08:47 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) රාත්‍රියේ පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ.ඉ. කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 196ක් රැස්කිරීමට සමත් විය.

'C' කාණ්ඩයේ තරගයක් ලෙස මෙය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මෙහිදී අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත්කළ ෂර්ෆේන් රදර්ෆර්ඩ් නොදැවී ලකුණු 76ක් රැස්කිරීමට සමත් විය.

පන්දු 42කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් හා හතරේ පහර 2ක් ඇතුළත් විය.

ඊට අමතරව ජේසන් හෝල්ඩර් දැවැන්ත හයේ පහර 4ක් සමගින් පන්දු 17කින් ලකුණු 33ක් රැස්කළේය.

එංගලන්තය වෙනුවෙන් ආදිල් රශීඩ් (2/16) හා ජේමි ඕවර්ටන් (2/33) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

සමස්ත තරගය පුරා කොදෙව් ඉනිමේ හයේ පහර 13ක් හා හතරේ පහර 13ක් ඇතුළත් විය.