සයුරෙන් එතෙර
බංග්ලාදේශ මැතිවරණය නීතිවිරෝධී බව හසීනා කියයි
February 13, 2026 02:32 pm
බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණය ඡන්දදායකයින් නොමැති, නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී මැතිවරණයක් බව එරට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.
ඒ අනුව ඇය ඉල්ලා සිටින්නේ එම මහ මැතිවරණය අවලංගු කරන ලෙසය.
මහජන විරෝධතා හමුවේ පැවැති රජය බිඳවැටීමෙන් අනතුරුව බංග්ලාදේශය ඊයේ (12) පළමු මහ මැතිවරණය පැවැත්වීය.
කෙසේවෙතත් හසීනා පැවසුවේ එම මැතිවරණය රැවටිලිකාර ක්‍රියාවක් බවය.
ඇයගේ පක්ෂය වන අවාමි ලීගය සහ එහි ඡන්දදායකයින් නොමැතිව එය සංවිධානය කර තිබූ බවට ද ඇය චෝදනා කරයි.
මෙම තත්ත්වය තුළ, ඡන්දදායකයින් නොමැති, නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා සිටින අතර යූනුස් ඉල්ලා අස්විය යුතු බවද ශෙයික් හසීනා චෝදනා කරයි.
