එංගලන්තයට කඩුලු 5ක ජයක්

එංගලන්තයට කඩුලු 5ක ජයක්

February 14, 2026   06:46 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය හා එංගලන්තය අතර අද (14) පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්තයට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 152ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 155ක් ලබා ගනිමින් එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.