ජපානයේ පිහි ඇනුමකින් තරුණයෙකු මරුට
සයුරෙන් එතෙර

ජපානයේ පිහි ඇනුමකින් තරුණයෙකු මරුට

February 15, 2026   11:30 am

ජපානයේ ඔසාකා නගරයේ සිදුවු පිහි ඇනුමකින් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

එරට කාර්යබහුල සාප්පු සංකීර්ණයක් අසලදී මෙම පිහි ඇනුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි තරුණයින් තිදෙනෙකු බව ද සඳහන් වේ.

සිද්ධියට සම්බන්ධයෙන් 20 හැවිරිදි පුද්ගලයෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ පිහි ඇනුම කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවය.