සයුරෙන් එතෙර
න්‍යෂ්ටික වැඩසටහන් ගැන අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට ඉරානය සූදානමින්
February 15, 2026 03:32 pm
සිය න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ඉරාන නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය මජිඩ් තක්ත්රවන්චි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.
කෙසේවෙතත් එහිදී ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ද අවධානය යොමු විය යුතු බව ඔහු සඳහන් කර ඇත.
මේ අතර, අමෙරිකාව සහ ඉරානය අතර මීළඟ සාකච්ඡා වටය එළඹෙන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ.
පළමු වටයේ සාකච්ඡා පසුගිය 06 වනදා ඕමානයේ දී පැවති අතර මෙවර සාකච්ඡා වටය ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇති නමුත් සාකච්ඡා පැවැත්වෙන දිනය නිශ්චිතව සඳහන් කර නැත.
