විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අදත් තරග කිහිපයක්
February 18, 2026 10:09 am
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව, දකුණු අප්රිකානු කණ්ඩායම සහ UAE කණ්ඩායම අතර තරගය පෙරවරු 11.00ට ආරම්භ වීමට නියමිතය.
එම තරගය ඉන්දියාවේ අරුන් ජේට්ලි ක්රීඩාංගණයේදී පැවැත්වේ.
මේ අතර, පාකිස්තාන කණ්ඩායම සහ නැමිබීයා කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිත අතර, එය කොළඹ SSC ක්රීඩාංගණයේදී පැවැත්වේ.
තවද, ඉන්දීය කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද රාත්රී 7.00ට ආරම්භ වීමට නියමිතය. එම තරගය ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතය.
