ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද

ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද

February 22, 2026   07:33 am

සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එය පස්වරු 3.00ට ආරම්භ වේ.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ පළමු තරගය ඊයේ (21) පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සල්මන් අගාගේ තීරණය වූයේ පළමුව පන්දුවට පහරදීමටය.

කෙසේවෙතත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට නොනවත්වා ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් සංවිධාකයින් තීරණය කළේ තරගය අත්හැර දැමීමටය.

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.