සයුරෙන් එතෙර
නිව්යෝර්ක් නගරයට දරුණු හිම කුණාටු තත්ත්වයක්
February 23, 2026 08:53 am
නිව්යෝර්ක් නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9:00 සිට එම නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට (Lockdown) පියවර ගෙන ඇත.
නගරයේ සියලුම අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග වසා දමා ඇති අතර, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා මෙන්ම ගුවන් ගමන් ද සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
මෙම හිම කුණාටුව සඳුදා පස්වරුව දක්වාම පවතිනු ඇති බවද වාර්තා වේ.
අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන අත්යවශ සේවා හැර පාසැල් සහ සෙසු ආයතනවලට නිවාඩු ලබා දී ඇත.
එමෙන්ම ආරක්ෂක අංශ, අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සේවා හැර අනෙකුත් වාහනවලට මහා මාර්ගවල ධාවනය කිරීම තහනම් කර තිබේ.
කෙසේවෙතත් නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නගර වැසියන්ගෙන් ඉල්ලා සිටියේ සියලු ගමන් බිමන් නතර කර නිවෙස්වලට වී සිටින ලෙසය.
එමෙන්ම පොළොව මට්ටමේ සිට අඩි දෙකක් පමණ ඉහළට මෙම හිම පතනය සිදුවනු ඇති බවත්, මෙවැනි හිම කුණාටුවක් ඇති වන්නේ වසර ගණනාවකට පසුව බවත් එරට කාලගුණ අංශ සඳහන් කර සිටී.
