සයුරෙන් එතෙර
ට්‍රම්ප් ජාතිය අමතමින් තීරුබදු අයකිරීම සාධාරණීකරණය කරයි
February 25, 2026 11:20 am
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) සිය ජාතිය අමතමින් ලෝකයේ රටවල් තුළින් තීරුබදු අයකර ගැනීම ඔහු සාධාරණීකරණය කර තිබේ.
මේ අතර, එම තීරුබදු අයකර ගැනීම තුළින් සිය රටෙහි ජනතාවට ගෙවීමට සිදුවන ආදායම් බදු ලිහිල් කිරීමට පියවර ගෙන ඇති අතර එය ජනතාවට වාසි සහගත බව සඳහන් කර ඇත.
පැය 1 මිනිත්තු 48ක් පුරා ජනතාව ඇමතූ ජනාධිපතිවරයා, “යුගයකට සරිලන පෙරළියක්” සඳහා තමන් වගකිව යුතු බව ද ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙර පැවති දැඩි ආනයන බදු ඉවත් කිරීමට දුන් තීන්දුව ට්‍රම්ප් මෙහිදී තවදුරටත් විවේචනය කර තිබේ.
රාජ්‍යයේ තත්ත්වය පිළිබඳ දේශනය ලෙස හැඳින්වූ මෙය එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් බොහෝ වසරවල ආරම්භයේදී, රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කරනු ලබන දේශනයක් බව සඳහන් ය.
ට්‍රම්ප්ට අනුව, එක්සත් ජනපද ආර්ථික පෙරළියට ප්‍රධාන හේතුවක් වන්නේ තීරුබදු අයකර ගැනීමයි.
