ඉන්දියාව T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට
March 1, 2026 10:58 pm
බ.ඉ. කොදෙව්වන් කඩුලු 5කින් පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව අද (1) සමත් විය.
කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කොදෙව්න්ගෙන් හිමිවූ ලකුණු 195ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස තරගයේ අවසන් පන්දුවාරයේ (19.2) ලකුණු 199ක් රැස්කර ඉන්දියාව මෙම ජය අත්පත් කරගත්තේය.
ඉන්දියාව අවසන් පූර්ව වටය දක්වා රැගෙන ගිය සංජු සැම්සන් පන්දු 50කදී නොදැවී ලකුණු 97ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 12ක් ඇතුළත් විය.
ඒ අනුව ඉන්දියාව අවසන් පූර්ව වටයේ දී එංගලන්තය හා තරගවැදීමට නියමිත අතර, එම තරගය එළැඹෙන 5වනදා මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
