දුරදිග යන පාකිස්තාන් - ඇෆ්ගන් දේශසීමා අර්බුදය
සයුරෙන් එතෙර

දුරදිග යන පාකිස්තාන් - ඇෆ්ගන් දේශසීමා අර්බුදය

March 3, 2026   03:28 pm

පාකිස්තානය සමග ඇතිවූ දේශසීමා ගැටුම්වලින් ඇෆ්ගන් කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් 55 දෙනෙකු මියගොස් 69 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්ථාන රජය ප්‍රකාශ කර තිබේ.

පාකිස්තානයේ තොරතුරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගුවන් ප්‍රහාර සහ ගැටුම්වලින් ඇෆ්ගන් තලේබාන් ක්‍රියාකාරීන් සහ සැකකටයුතු සටන්කාමීන් 415 දෙනෙකු මියගොස් 580කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.

දේශසීමා ගැටුම්වලින් පාකිස්තාන සෙබළුන්  56 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වෙයි.