සයුරෙන් එතෙර
ඉන්දියාවෙන් මිසයිල ගන්න ඉන්දුනීසියාව ගිවිසුමකට
March 12, 2026 09:30 am
ඉන්දියාවෙන් BrahMos මිසයිල පද්ධති මිලදී ගැනීම සඳහා ඉන්දුනීසියාව ගිවිසුමකට එළඹ ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මිලදී ගැනීම හරහා ඉන්දුනීසියාව සහ ඉන්දියාව අතර ආරක්ෂක ක්ෂේත්රයේ පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වන බව ඔහු වැඩිදුරටත් පවසා ඇතැයි සඳහන් ය.
ඉන්දීය සහ රුසියානු රජයන්ට ඒකාබද්ධව හිමිකම් පවතින සමාගමක් වන BrahMos සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 200 සිට 350 දක්වා වටිනාකමකින් යුත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ජකර්තා පාලනය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව මෙලෙස විදෙස් මධ්‍ය වාර්තාකර තිබුණි.
මෙම ගිවිසුම විශේෂයෙන්ම සමුද්‍රීය අංශයේ යුද උපකරණ සහ ආරක්ෂක හැකියාවන් නවීකරණය කිරීමේ කොටසක් බව ඉන්දුනීසියාව පවසා තිබුණි.
මෙම මිසයිලය ගොඩබිම, නෞකා, සබ්මැරීන සහ සුකෝයි-30 (Su-30MKI) වැනි ප්‍රහාරක ගුවන් යානා මගින් දියත් කළ හැකිය.
