මැදපෙරදිග යුද ගැටුම් කලාපයේ ක්‍රීඩාවටත් බලපෑම්
March 15, 2026 03:46 pm
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලබන අප්‍රේල් මාසයේ බහරේනයේ සහ සෞදි අරාබියේ පැවැත්වීමට නියමිතව තිබූ ෆෝමියුලා වන් (F1) මෝටර් රථ ධාවන තරගාවලි අවලංගු කිරීමට එහි සංවිධායකයන් පියවරගෙන ඇත.
බහරේන්හි තරගාවලිය අප්‍රේල් 10-12 දිනවලද, සෞදියේ තරගාවලිය අප්‍රේල් 17 - 19 දිවලද පැවැත්වීමට නියමිතව තිබුණි.
මේ අතර කටාර් රාජ්‍යයද අප්‍රේල් මාසයේදීම පැවැත්වීමට නියමිතව තිබූ MotoGP තරගාවලියද නොවැම්බර් මාසය දක්වා කල් දමා ඇත.
