සයුරෙන් එතෙර
සමුළුව මසකින් කල් දමන්නැයි ට්‍රම්ප් චීන ජනපතිගෙන් ඉල්ලයි
March 17, 2026 06:40 am
මැදපෙරදිග යුද්ධය අතරතුර, චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ පැවැත්වීමට නියමිත සමුළුව මාසයකින් පමණ ප්‍රමාද කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මේ අතර, ඉරානයට එරෙහි යුද්ධය කඩිනමින් අවසන් කරන බව අමෙරිකානු ජනාධපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය අවසන් වීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බවය.
මෙම සතිය තුළ යුද්ධය අවසන් කළ හැකිදැයි විමසූ අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.
තමාට එය කිරීමට බැඳිමක් ඇති බවත් යුද්ධය අවසන් වූ පසු ආරක්ෂිත ලෝකයක් ඇති වන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉරානය පුරා ඉලක්ක 7,000 අධික සංඛ්‍යාවකට ප්‍රහාර ඉල්ල කර ඇති අතර ඉරානයට අයත් නෞකා 100කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇති බවඳ අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.
