මාලිංග තැබූ සටහන
March 18, 2026 11:01 am
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් අහිමි වී යෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
එහි සඳහන් ව ඇත්තේ, ලෝකය හෙල්ලීමට සමත් දක්ෂ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට අහිමි වී යෑමට ලොකුම හේතුවක් වී ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත්වීම ද එසේත් නොමැති නම් අවුරුදු 18/19 පාසල් ක්‍රිකට් නොමැති වීම යන්න පිළිබඳව ප්‍රශ්න කෙරේ.
සම්පූර්ණ සටහන පහතින්,
- උපුටා ගැනීම -
හොඳම දක්ෂයන් අහිමි වන්නේ මේ නිසාද?
ඔහුන් වෙනත් රැකියා සඳහා යන නිසාද ?
ලෝකය හොල්ලන්න පුළුවන් ක්‍රීඩකයන් අහිමිවීගෙන යාමට තවත් ලොකුම හේතුවක් වන්නේ O/L විභාගය අසමත්වීමද? මොකද ඒ නිසා ඔවූන්ගේ අවුරුදු 18/19 පාසල් ක්‍රිකට් නැති වීමද?
application එවපු 3,500 අතරේද එම ඉරනමට ලක්වෙච්ච බොහෝ පිරිසක් මට හමුවුණා. එම නිසා අපට අති දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් අහිමි වෙලා ගිහිල්ලා ඇති සහ අහිමි වී යමින් පවතිද?
ඔබගේ අදහස සහ ඔබට හමුවූ එවැනි ක්‍රීඩකයන් ගැන සඳහන් කරන්න. නගරය සහ පාසලද සමග ස්තූතියි...
ඉක්මන් විසඳුමක් සොයාගත යුතුයි...
- උපුටා ගැනීම අවසන් -
