ද. කොරියාවේ මෝටර් රථ අමතර කොටස් කම්හලක ගින්නක්
සයුරෙන් එතෙර

ද. කොරියාවේ මෝටර් රථ අමතර කොටස් කම්හලක ගින්නක්

March 20, 2026   03:07 pm

දකුණු කොරියාවේ ඩේජියොන් හි මෝටර් රථ අමතර කොටස් කම්හලක අද (20) ඇති වූ ගින්නකින් පුද්ගලයින් 55 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සෝල් අගනුවරට කිලෝමීටර් 160ක් පමණ දකුණින් පිහිටා තිබෙන ඩේජියොන් නගරයේ ඇති වූ මෙම ගින්නෙන්, තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට ගිනිනිවන ඒජන්සිය අනාවරණය කර තිබේ.

කෙසේ නමුත් තුවාල ලැබූවන්ගෙන් 24 දෙනෙකුගේ තත්ත්වය දැනටමත් බරපතළ බව එම වාර්තාවන්හි දැක්වේ.