මැදපෙරදිග යුද්ධය මැද ඉන්දියාව ආර්ථිකය සැලසුම් කරයි
සයුරෙන් එතෙර

මැදපෙරදිග යුද්ධය මැද ඉන්දියාව ආර්ථිකය සැලසුම් කරයි

March 20, 2026   06:57 pm

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වෙළෙඳාමට සහ සැපයුම් කටයුතුවලට බාධා එල්ල වෙමින් පවතින අතර, සිය බලශක්ති සුරක්ෂිතතාව සහ ගල්ෆ් කලාපයේ වෙසෙන ඉන්දීය ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෝලීය හවුල්කරුවන් සමග ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් සිටින බව ඉන්දියාව පවසයි. 

මෙම තත්ත්වයන් නිසා පීඩාවට පත් අපනයනකරුවන්ට සහාය වීම සඳහා මධ්‍යම රජය විසින් ඉන්දීය රුපියල් කෝටි 497ක මූල්‍ය සහන පැකේජයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

නවදිල්ලියේ පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ, දැනට පවතින තත්ත්වය ලොව පුරා රටවලට අභියෝග එල්ල කර ඇති බවය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කුවේට් රාජ්‍යය ඇතුළු කලාපයේ රටවල් කිහිපයක් සමග සම්බන්ධ වෙමින් සිටින බවද ඔහු සඳහන් කරයි.