සයුරෙන් එතෙර

පාකිස්තාන - අමෙරිකා හොඳ හිත් පළුදු වෙයිද ?

March 21, 2026   12:42 pm

ට්‍රම්ප් පරිපාලනය විසින් ඇතැම් න්‍යෂ්ටික බලැති රටවල් තම විරුද්ධවාදීන් ලෙස සලකමින් කටයුතු කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, වොෂින්ටනය සහ ඉස්ලාමාබාද් අතර සබඳතාවල යම් අර්බුදයක් පෙන්නුම් කරමින් අමෙරිකාව සිදුකර තිබූ ප්‍රකාශයක් හේතුවෙනි.

එහිදී එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබඩ් අනතුරු අඟවා ඇත්තේ අමෙරිකාවට වඩාත්ම සැලකිය යුතු න්‍යෂ්ටික තර්ජන එල්ල කරන රටවල් අතර පාකිස්තානයත් සිටින බවටය.

න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික යුද හිස් රැගෙන යා හැකි නව මිසයිල පද්ධති සක්‍රීයව නිපදවන රටවල් ලෙස ඉරානය, චීනය, රුසියාව සහ උතුරු කොරියාව ද ඇය නම් කර තිබුණි. 

සාම්ප්‍රදායිකව එක්සත් ජනපදයේ ප්‍රතිවාදීන් වන රටවල් සමග පාකිස්තානයද මෙලෙස එක් කිරීම විශේෂත්වයකි.