සයුරෙන් එතෙර

ඉන්දීය අගමැති සහ බහරේන රජු අතර සාකච්ඡාවක්

March 21, 2026   02:20 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බහරේනයේ රජු හමාඩ් බින් ඊසා අල් කලීෆා රජු අතර දුරකථන සංවාදයක් සිදුකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී බටහිර ආසියාවේ උත්සන්න වෙමින් පවතින ගැටුම් පිළිබඳව අවධානය යොමු කළ තිබේ.

දෙපාර්ශ්වයම සිවිල් වැසියන්ට සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර  දැඩි ලෙස හෙළා දැක තිබේ.

මෙම දුරකථන සංවාදය පිළිබඳ 'X' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් මෝදි ප්‍රකාශ කළේ, කලාපීය තත්ත්වය සහ එම ගැටුම්වල ගෝලීය බලපෑම් පිළිබඳව ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවය. 

තීරණාත්මක යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර අත්‍යවශ්‍ය සැපයුම් දාමයන් අඩාල කළ හැකි බවට ඔහු අනතුරු අඟවා තිබේ.

ලෝක වෙළඳාමට අතිශයින් වැදගත් වන කලාපයක සමුද්‍රීය ස්ථාවරත්වය සුරැකීමේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍ය මෝදි මෙහිදී අවධාරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.