බංග්ලාදේශයේ ගුවන් යානා ඉන්ධන මිල සියයට 79කින් ඉහළට
සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ගුවන් යානා ඉන්ධන මිල සියයට 79කින් ඉහළට

March 24, 2026   05:50 pm

බංග්ලාදේශය විසින් ගුවන් යානා ඉන්ධන මිල 79% කින් විශාල ලෙස ඉහළ නංවා ඇති බවට විදෙස් වාර්තා පවසයි. 

මෙය මෙම මාසය තුළ මිල වැඩි කළ දෙවන අවස්ථාව බව සඳහන් වෙයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව පවත්වාගෙන යන යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙයට හේතු වී ඇත.

යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා බංග්ලාදේශයේ ගුවන් යානා ඉන්ධන මිල සමස්තයක් ලෙස 111% කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව දැනට ලීටරයක මිල අමෙරිකානු ඩොලර් 1.32ක් ලෙස නියම කර ඇත.

ජාත්‍යන්තර වෙළඳපොළේ මිල ඉහළ යාම නිසා මෙම මිල සංශෝධනය කිරීමට සිදු වූ බව බංග්ලාදේශ බලශක්ති නියාමන කොමිසමේ සභාපති ජලාල් අහමඩ් පවසා තිබේ.