සයුරෙන් එතෙර
පිලිපීනය ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්රකාශයට පත්කරයි
March 24, 2026 07:02 pm
මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් එරට ඉන්ධන සැපයුමට සහ බලශක්ති ස්ථාවරත්වයට එල්ල වී ඇති දැඩි අවදානම සැලකිල්ලට ගනිමින්, පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් විසින් 'ජාතික බලශක්ති හදිසි අවස්ථාවක්' ප්රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝගයේ සඳහන් වන්නේ, "මැද පෙරදිග දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය සහ එමගින් රටේ බලශක්ති සැපයුමේ පවතින ස්ථාවරත්වයට එල්ල වී ඇති ආසන්න තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙලෙස ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්රකාශයට පත් කරන" බවය.
මෙම හදිසි අවස්ථාව ප්රකාශයට පත් කිරීම හරහා බලශක්ති පරිභෝජනය පාලනය කිරීමට සහ විකල්ප බලශක්ති ප්රභවයන් කඩිනමින් භාවිතයට ගැනීමට රජයට විශේෂ බලතල හිමිවේ.
