නවසීලන්ත 'ඒ' කණ්ඩායම දිවයිනට

නවසීලන්ත 'ඒ' කණ්ඩායම දිවයිනට

April 3, 2026   10:38 am

එක්දින තරග 3ක් සහ සිව්දින තරග 2කට ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත 'ඒ' කණ්ඩායම අද (3) අලුයම දිවයිනට පැමිණියේය.

දෙරට අතර පළමුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, ඒ යටතේ පළමු තරගය අප්‍රේල් 5වනදා ගාල්ලේදී පැවැත්වේ.

සෙසු තරග ද්විත්වය අප්‍රේල් 8 සහ 11 දිනවල හම්බන්තොටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම පළමු සිව්දින තරගය අප්‍රේල් 16-19 දිනවල හම්බන්තොටදී සහ දෙවන තරගය ගාල්ලේ දී අප්‍රේල් 23 - 26 දිනවල පැවැත්වේ.