ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
සයුරෙන් එතෙර

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්

April 4, 2026   08:06 am

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපයේ ඊයේ (3) රාත්‍රියේ රික්ටර් මාපකයේ 5.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේය.

මේ හේතුවෙන් කාබුල්හි නිවසක් කඩා වැටී පුද්ගලයින් අට දෙනෙකු මියගොස් එක් දරුවෙකු තුවාල ලැබූ බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූමිකම්පාව කිලෝමීටර් 177 (සැතපුම් 110)ක් ගැඹුරින් සිදුව ඇති බවය.

එය ඇෆ්ගනිස්තානයට අමතරව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට මෙන්ම ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි යන නගරවලටද දැනී තිබේ.

ඉකුත් නොවැම්බර් මාසයේදී ද එරට ඇති වූ රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවකින් 27 දෙනෙකු මියගොස් නිවාස සිය ගණනක් විනාශ විය.