රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට ලකුණු 43ක ජයක්
April 6, 2026 09:08 am
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) රාත්‍රියේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 43ක පහසු ජයක් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් වී තිබේ.
පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 250ක්.
එහිදී ටිම් ඩේවිස් ලකුණු 70ක් සහ දෙව්දත් පඩික්කාල් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි.
